27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජිත් ජයසුන්දරත් පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස්

පූජිත් ජයසුන්දරත් පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.
එම නියෝගය අද නිකුත් කරනු ලැබුවේ නාමල් බලල්ලේ ,ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව මතයි.

නීතිපතිවරයා විසින් අධිචෝදනා 855 ක් යටතේ පවරා තිබූ මෙම නඩුවෙන් පූජිත් ජයසුන්දර මහතා නිදොස්කොට නිදහස් කෙරුනේ නඩුවේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.

මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.