28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිවුවන විස්සයි විස්ස තරගය අද

සිවුවන විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20 තරගාවලියේ 04 වන තරගය අද (18) මෙල්බන්හිදී පැවැත්වේ.

මෙල්බන් වේලාවෙන් රාත්‍රී 07:10ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් 01 :40ට එය ආරම්භ වනු ඇත. කෙසේවෙතත් 03 – 00ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම දැනටමත් තරගාවලිය ජයගෙන අවසන්ය.

ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් හා නුවන් තුෂාරට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අවසාන විස්සයි විස්ස තරග දෙක අහිමි වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ පුහුණු සැසියක් අතරතුර රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටියදී නුවන් තුෂාර ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන මිචෙල් ස්ටාර්ක් / ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 04 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පවසා තිබේ.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා – පකිස්ථාන ටෙස්ට් හා එක්දින තරග මාලාව ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රීඩකයන් තිදෙනාට විවේකයක් ලබා දීමට තීරණය කර ඇත.