24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

නාමල් බලල්ලේ ,ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශ කළේ ය.

අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.