29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ දෙවැනි අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී තිබේ.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්. එම්. ඩි නවාස් විසින් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂිය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය කිරිම සඳහා පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කර ගත් තොරතුරු විමර්ශනය, පරික්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඒ.එම්. එම්. ඩි නවාස්ගේ සභාපතීත්වයෙන් යුතු මෙම කොමිසම පත් කර තිබුණි.

පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සකස් කිරීමේදී යුද්ධයට මුහුණදුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයන්හි පදිංචි පුද්ගලයින් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ත්‍රස්තවාදීන් සැමරිමට ඉඩක් නොමැති නමුත් යුද සමයේදී යම් ඥාතියෙකු මිය ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමටද කොමිසම් සභා වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මෙම කොමිසමේ අවසන් වාර්තාව ලබන ජුනි මාසයේ ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්. එම්. ඩි නවාස් මහතා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එම කොමිසමේ පළමු වාර්තාව පසුගිය වසරේ ජුලි මස 21 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී තිබුණි.