― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරජය ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ

රජය ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ

වත්මන් රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නොමැති බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයට වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරයට අදාළ සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර, ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද ‘තිත’ නම් ග්‍රන්ථය දොරට වැඩුම අද (19) පෙරවරුවේ කොළඹදී සිදුකෙරුණි.

ඒ ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කියා සිටියේ,

“දැන් අවුරුදු 3ක් ඉවර වෙන්නට යන කාලය වෙනකොට මේතාක්දුරට යුක්තියක් ඉෂ්ඨ වුණා කියලා අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කිහිපය ඉල්ලලා අපි ලිපි යවලා තියෙනවා. ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව සාක්ෂි සඟවා තැබීමට ඉස්සෙල්ලා හිටිය රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් සිදුවෙන්නේ නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්වීම.”

“මේ රජය අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නෑ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන එය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබාදීලා මේක විහිළුවක් කරලා.”

“කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයොත් නැතුව, ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.”