29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජිතගේ ඉල්ලීම උසාවියෙන් විසිවෙයි

රාජිතගේ ඉල්ලීම උසාවියෙන් විසිවෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමිට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ‘කිඹුල් නඩුව’ වෙනත් මහාධිකරණයක් හමුවේ කැඳවීමට නියෝගයක් කරන්නැයි විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න කළ ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඊයේ (18) ප‍්‍රතික්‍ෂේප කළේය.

එම නඩුව ඊයේ (18) කැඳවූ අවස්ථාවේදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න එම ඉල්ලීම කළ අතර ඊට අදාළ නඩුව ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

නීතිඥ ජයබා කළුපහන, මාර්ක් ඇන්ටන්, ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විත්තිය නියෝජනය කරනු ලැබීය.

2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙස් මාරුකරගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා කළ ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.