― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑලදෙන්නු බලාගෙන මුදල් හොයපු වියට්නාම රූ රැජිණ

එලදෙන්නු බලාගෙන මුදල් හොයපු වියට්නාම රූ රැජිණ

2020 වර්ෂයේ Miss Vietnam කිරුළ දිනා ගත්තේ දෝ හා ති. ඇය සුන්දර යුවතියක්, ශ්‍රී ලංකාවේ මේ වන විට රූ රැජින කිරුළට ඉතාම අශෝභන කාරි ගැටුම් ඇතිවී තිබෙනවා. ඔවුන් ඔවුන්ටම මඩ ගහ ගන්නවා. චරිතය ඝාතනය කර ගන්නවා. කෙටියෙන් ප්‍රේක්ෂකයින්ට දැන් මේ සියල්ල තිත්ත වී හමාරයි. කිරුළකට රණ්ඩුවෙන මේ අතරේ සැබවින්ම දෝ හා තී කියන්නේ සැබෑම රැජිනියක්.

ඇය උපත ලබන්නෙ 2001 වර්ෂයේ වියට්නාමයේ උතුරු මැද පළාතේ ඉතාම දුෂ්කර ගමක. ඇගේ දෙමාපියන් ද කුඩා ගොවිපලක සිය රාජකාරි කරගෙන ගියා. කුඩා කාලයේ දී මව සමග දෝහා කුකුළන් එළදෙනුන් බලා ගත්තා. ඒ අතර දිවා කාලයට පියා නගරයේකුඩා කම්කරු රැකියාවක් කළා. ඇය ඉගෙනීමට ඉතා දක්ෂ කෙනෙක්. කොච්චර දුප්පත් වුනත් දෝහා ගේ මව සහ පියා ඇගේ ඉගෙනීමට කිසිදු බාධාවක් කළේ නැහැ. ඇය දුක් විඳිමින් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලයට හිමිකම් ලබනවා.

ඒ සියල්ල කරගැනීමට දෝහා ගේ පියා ණය වෙනවා. දෝහාට අවශ්‍ය වුණේ මේ ණය බරින් තම පියා ගලවා ගැනීමයි. ඇය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර වේටර් වරියක් ලෙස ද සතුන් බලා ගැනීම ද සිදුකළා. ඔය අතරේ ඇයට විශ්වවිද්‍යාලය පවත්වන Miss university තරගෙට අයදුම් පත් යොමු කරන්න කියලා ඇගේ මිතුරියෝ පවසනවා. හැබැයි ඇයට එයට වියදම් කරන්න මුදල් නැති නිසා ම ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.කෙසේවෙතත් යහළුවෝ එකතුවෙලා ඇයට ඇඳුම් පැළඳුම් අරන් දී තරගයට ඉදිරිපත් කරනවා. ඉතින් එහිදි ඇය ජයග්‍රහණයක ලබනවා.

ඉන් අනතුරුව යෙහෙළියන්ගෙ උදව් මැද්දෙම ඇය හැනෝයි නගරයේ පවත්වන ලද රූප රාජිනී තරඟයකට ද ඉදිරිපත් වෙනවා. ඇයි එම තරගයෙන් ද ජයග්‍රහණය ලබනවා. ඉතින් ඇය හිතෙනව ඇයට යම් දෙයක් සිදු කරමින් තම පවුල බලාගත හැකියි කියලා. ඒ නිසාම හැමෝගෙම උදව් ඇතිව ඇය Miss vietnam තරගයට ඉදිරිපත් වී එහි කිරුළ ද දිනා ගන්නවා. අද බොහෝ දෙනෙක් ඈ ගැන කතා කරනවා. මේ වන විට ඇයට වෙළඳ දැන්වීම් බොහොමයකට ආරාධනා ලැබෙනවා. තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් 20345, ක මුදලක්ද හිමිවෙනවා. කෙසේවෙතත් පියා ඇයට උගන්වන්න ගත් සියළු ණය ඇය ගෙවා දමනවා.