27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගම්පහ උපකාරක පන්ති හදිසි පරික්ෂාවකට

ගම්පහ උපකාරක පන්ති හදිසි පරික්ෂාවකට

ගම්පහ උපකාරක පන්තියක වැසිකිළියක් තුළ තිබී කැමරාවක් හමුවීමේ සිද්ධියක් පිළිබඳව රටේම අවධානය යොමුවීමත් සමග ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වූයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය උපකාරක පන්තියකින්. මේ අනුව පෙරේදා (18) දිනයේ ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබූ අතර එහිදී ළමුන් විශාල පිරිසක් සහභාගී වන පන්ති දෙකක වැසිකිළිවල ආරක්ෂාව අවම බවට අනාවරණය වී ඇත.

එක් පන්තියක පඩිපෙළ ඔස්සේ ඉහළට ගමන් කිරීමේදී වැසිකිළිය පෙනෙන ආකාරයෙක් සකස් වී ඇති බවත් තවත් පන්තියක වැසිකිළිය ආසන්නේ සවිකර තිබූ CCTV කැමරාවක් නිරීක්ෂණය වී තිබූ අතර එය වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතනයේ කළමනාකාරීත්වයට දැනුම්දී තිබේ.

බොහෝ උපකාරක පන්තිවල සකස්කර ඇති වැසිකිළි සෞඛ්‍ය පහසුකම්වලින් අවම බවද මෙහිදී නිරීක්ෂණය වී ඇත. ඒ අනුව අදාළ පෞද්ගලික උපකාරක පන්ති යළි ලියාපදිංචියට පෙර නිවරැදිව සකස් කර දැනුම්දෙන ලෙස එම ආයතන කළමනාකරුවන් සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් වෙත දන්වා තිබේ.

ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන්, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම හදිසි සෝදිසිය සඳහා සහභාගී විය.