25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉලක්කය වැරදී ළමුන් 07ක් ජීවිතක්ෂයට

ඉලක්කය වැරදී ළමුන් 07ක් ජීවිතක්ෂයට

නයිජිරියානු ආරක්ෂක හමුදා විසින් කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කුඩා ළමුන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක හමුදා විසින් එරට මරඩි ප්‍රදේශයට එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටින ස්ථානයකට ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් නයිජිරියානු ආරක්ෂක හමුදා කනගාටුව පළකර ඇත.

කෙසේවෙතත් ප්‍රාදේශීය දේශාපාලන බලධාරීන්ගේ බලපෑම මත එම ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට නයිජිරියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.