32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගීතා කුමාරසිංහට මරණ තර්ජන

ගීතා කුමාරසිංහට මරණ තර්ජන

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ අයෙක් ඌරගහදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ගීතා කුමාරසිංහ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. බෙන්තර සිය නිවසේ සිටියදී සැකකරු තමන්ට අපහාස වන අයුරින් බැන මරණ තර්ජනය කළ බව සඳහන් කරමින් ගීතා කුමාරසිංහ පොලීසියට පැමිණිලි කර තිබේ.

ස්වයං රැකියා උපකරණ ලබාදීමේ ලැයිස්තුවට තමාගේ නම ඇතුළත් නොකළ බව කියමින් සැකකරු මෙසේ මන්ත්‍රීවරියගේ නිවසට ගොස් බැන තර්ජනය කර ඇති බව පොලසිය කියයි.

මහජන නියෝජිතයෙකුට ප්‍රසිද්ධියේ අපහාව වන අයුරින් බන තර්ජනය කිරීමේ චෝදනා යටත් සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.