28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් අර්බුදය නිසා එංගලන්ත වෛද්‍ය පුහුණුවත් නවතී

ඩොලර් අර්බුදය නිසා එංගලන්ත වෛද්‍ය පුහුණුවත් නවතී

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Royal college of Physicians) විසින් පියවර ගෙන නිබේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශයන්හි විශේෂඥ වෛද්‍ය උපාධිය හදාරන මෙරට වෛද්‍යවරුන් වන සෞඛ්‍ය අමාතයංශය කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය හරහා මාසිකව ලබාදෙන ඩොලර් දීමනා ප‍්‍රමාද වීමෙන් ගෙවීම් නිසි පරිදි සිදුනොවීම හා මතුව ඇති තත්වය හමුවේ එම දීමනා අඛණ්ඩව ලැබෙතැයි විශ්වාස කළ නොහැකි නිසා මෙම පියවර ගැනීමට එම ආයතනය තීරණය කර ඇති බවත් සඳහන් වේ. එමෙන්ම, රාජකීය වෛද්‍ය උපාධි ආයතනය විසින් නැවත දැනුම්දෙනතුරු මෙරට වෛද්‍යවරුන්ගේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපාධිය හැදෑරීමට යොමුකරන ඉල්ලුම්පත් භාර නොගැනීමට තීරණය කර ඇතැයිද සදහන් වේ. එමෙන්ම එම ආයතනය මෙම අර්බුදය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා සිටියි.

එසේම මෙම තත්ත්වය ඉදිරියේදී විදේශයන්හි අධ්‍යාපනය හදාරණ සියලු විශේෂඥ වෛද්‍ය අධ්‍යාපනඥයන්ටද බලපානු ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.