25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් නැතිව තෙල් නැව් දෙකක් කොළඹ වරායේ

ඩොලර් නැතිව තෙල් නැව් දෙකක් කොළඹ වරායේ

ඩොලර් නොමැති වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණි ඉන්ධන නැව් දෙකක් ගොඩ බෑමට නොහැකිව දින තුනක් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ආණ්ඩුව ක්ෂණික ඇනවුම් ක්‍රමය යටතේ මෙම නැව් ගෙන්වා ගත්තද එහි ඇති ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම නිසා දැඩි අර්බුදයක් ඇති වී තිබෙන බවත් මේ ආකාරයට නැව් දෙක දිගටම නැංගුරම් ලා තබන්නට සිදු වුවහොත් එම ඉන්ධන සඳහා රැඳවුම් ගාස්තුද ගෙවීමට ආණ්ඩුවට සිදු වන බවත් ඔහු අවධාරණය කරයි.

දැනට ලංකාව සතුව ඉන්ධන සංචිත ඇත්තේ පෙට්රල් දින දහයකට සහ ඩීසල් දින හතකට පමණක් බවට ආරංචි මාර්ග තහවුරු කරන අතර මේ තත්ත්වය යටතේ ඉදිරියේදී උඝ්‍ර ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.