― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඩොලර් හිඟය නැතිවීමට විදේශ රටවලින් ඩොලර් ණයට ගත යුතුයි

ඩොලර් හිඟය නැතිවීමට විදේශ රටවලින් ඩොලර් ණයට ගත යුතුයි

ඩොලර් හිඟය නැති වීමට කුමන හෝ රටකින් ඩොලර් ණයට ගත යුතු බවත් ඉන්ධන භාවිතය සීමා කළ යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මේ අවස්ථාවේ පවත්නා ඩොලර් හිඟය අපි විසඳාගත යුතුයි. ඩොලර් කෙලින්ම ණයට ගන්න ගියාම කොන්දේසි පනවනවා එම කොන්දේසි රටට ඉතාමත් අපලයි. මේවයේ පොලිය පමණක් නෙවෙයි ප්‍රමාද ගාස්තුත්, දඩ පොලීත් අය කරනවා ඒ වගේම මේ මේ දේවල් කළ යුතුයි නොකළ යුතුයි කියලා නීතිත් දානවා ඉතින් ඒ හැම දෙයක්ම අපේ රටේ ජන ජීවිතයට අහිතකර ලෙස බලපානවා.

ඩොලර් ඉපැයීමට කඩිනමින් සහ ක්‍රමවත්ව කටයුතු කළ යුතුයි. මේ සඳහා අපේ සංචාරක කර්මාන්තය, අපනයන ආර්ථිකයත් සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා රජය වඩා ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරනවා. මේ වන විට අපේ සංචාරක ව්‍යාපාරයත් අපනයන කර්මාන්තයත් යහපත් මාර්ගයකට යොමු වෙමින් පවතිනවා. එය විශාල සතුටක් මෙන්ම දැවැන්ත සහනයක්.

ඒ වාගේම අපේ ආනයනයන් අඩු කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. දැනට වාහන ගෙන්වීම නැවැත්තුවා මේ තුළින් යම් සහනයක් ලබාගෙන තියෙනවා. ඒ වාගේම අත්‍යවශ්‍ය නොවන සෑම දෙයකම ආනයනය හැකි තරම් දුරට නැවැත්විය යුතුයි.

භාණ්ඩයක් හිඟ වන විට එම හිඟවන භාණ්ඩයෙ මිල වැඩිකළොත් එය මිලදී ගත හැක්කේ වැඩියෙන් මුදල් අතේ තියෙන අයට පමණයි. ඒ තුළින් හිඟය පිළිබඳ ගැටළුව විසඳෙනවා නමුත් සාමාන්‍ය ජනතාව මේ තුළින් ඉතාම අසීරුතාවයකට පත් වෙනවා. එක්කෝ අඩුවෙන් පාවිච්චි කරනවා. නැත්නම් මිලදී ගැනීම අතහැරලා දානවා. ඒ නිසා සල්ලි මුදල් නැති අයට වෙළෙඳපොළ තුළ සිදුවන මේ අහිතකර තත්ත්වය නැති කරන්න අපි යෝජනා කරනවා. භාණ්ඩයක් හිඟ නම් රජය ප්‍රධාන ලෙස මැදිහත් විය යුතුයි. තොග වෙළඳාමට එසේ මැදිහත්වෙලා එම හිඟ භාණ්ඩය තොග වශයෙන් මිලදී ගනිමින් සමුපාකාර සතොස වැනි රාජ්‍ය ආයතනයන්හි මූලිකත්වයෙන් ඒවා සාධාරණ මිලකට බෙදා හැරිය යුතුයි. එහිදී මේ වියදමේ යම් කිසි බරක් ආණ්ඩුව දරාගත යුතුයි. මේ අත්‍යවශ්‍ය හිඟ භාණ්ඩ අඩුආදායම්ලාභීන් අතරේ බෙදා හැරීමට රාජ්‍ය අලෙවි ජාලය ශක්තිමත් කළ යුතුයි.

හොඳම උදාහරණය පෙට්‍රොලීයම් අද ඉන්ධන මිල ලෝක වෙළදපොලේ අධික ලෙස ඉහළ යනවා ඒ නිසා අපට ලොකු විදේශ විනිමයක් ඉන්ධන සඳහා වැය කළ යුතු වෙනවා. මේ සඳහා විසඳුමක් ලෙස අපි ඉන්ධන භාවිතය සීමා කළ යුතුයි ඒ සඳහා ජනතාව පෙළඹවිය යුතුයි.

සල්ලි, මුදල් යහමින් තියෙන අය අසීමිතව ඉන්ධන භාවිතා කරනවා නම් ඒ අයට ඉහළ මිලකටත් සාමාන්‍ය ජනතාවට කිසියම් ක්‍රමයක් මගින් සාධාරණ මිලකටත් ඉන්ධන ලබා දීමට කටයුතු කළ යුතුයි. මිල වැඩිකළොත් අඩු ආදායම්ලාභීන් වැඩියෙන් භාවිතා කිරීම සීමා කිරීමකුත් සිදුකරනවා. අඩු ආදායම්ලාභීන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා සහන මුදලකට මේ ඉන්ධන ලබා දිය යුතුයි.”