31 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා ඉන්ධන හිඟයක්

දිවයින පුරා ඉන්ධන හිඟයක්

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ඇතැම් ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාකරුවන් සඳහන් කරයි.

රට තුළ පවතින ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වලට සීමිත සැපයුමක් යටතේ ඉන්ධන බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.

මීට පෙර එක් ස්ථානයකට ඉන්ධන බවුසර් 3ක් යැවීමට කටයුතු කළ නමුත් ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට එක් ඉන්ධන බවුසරයක් හෝ දෙකක් පමණක් ඉන්ධනහල් වෙත යවන බව අමාත්‍යවරයා පැවසීය.