― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිලන්තට සහ මෛත‍්‍රීට අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතුයි

නිලන්තට සහ මෛත‍්‍රීට අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතුයි

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන්, හිටපු බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස, ජනාධිපති විමර්ෂණ කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබුණද මේ දක්වා ඒ පිළිබදව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුව රජයට සිය අප‍්‍රසාදය පළ කරයි.

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා අගරදගුරු ප‍්‍රමුඛ කතෝලික පූජකවරුන්ගෙන් සහ නීතීඥයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවාගෙන ඇති අතර ‘ජාතික කතෝලික කමිටුව’ යන නමින් එම කමිටුව හැදින්වේ.

විශේෂ නිවේදනයන් නිකුත් කරමින් එම කමිටුව, පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට අදාල වෙළුම් සියල්ල තමන්ට ලබා දෙන ලෙසද ඉල්ලා සිටියි.

කොමිසම මගින් අපරාධ නඩු පවරන ලෙස ඉල්ලා ඇති සියළු නිළධාරීන්, නඩු පැවරීමකින් තොරව නිදහස් වෙනු ඇති බවට ද කමිටුව සිය කණස්සල්ල පළ කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයා වූ නිලන්ත ජයවර්ධනට, ප‍්‍රහාරය පිළිබදව, ප‍්‍රහාරයට පෙර අවස්ථා හතරක දී ඉන්දීය ඔත්තු සේවා මගින් දැනුම් දී ඇති නමුත්, ප‍්‍රහාරය වළක්වා ගැනීමට ඔහු කිසිදු පියවරක් ගෙන නැති බව ද ජාතික කතෝලික කමිටුව චෝදනා කරයි.

ඒ අතර, ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට එරෙහි නඩුවේ දී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නිලන්ත ජයවර්ධන පත්කර තිබුණු බවද එම කමිටුව පවසයි.