27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපකිස්තාන - තලේබාන් අර්බුදය උග්‍ර අතට

පකිස්තාන – තලේබාන් අර්බුදය උග්‍ර අතට

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් අතර ඩුරන්ඩ් දේශසීමා රේඛාව සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වය උග්‍රවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන්ගේ විරෝධය නොතකා පකිස්තාන හමුදාව විසින් දේශසීමාවේ වැටක් ඉදිකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

පසුගිය කාලයේ දේශසීමාව ආසන්න කලාපයේදී ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තාන හමුදා වෙත එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් අදාළ වැට ඉදිකිරීම කඩිනම් කිරීමට පකිස්තානය පියවර ගෙන තිබේ.

මෙම වැට ඉදිකිරීම පෂ්තුන් ගෝත්‍රික නිජභූමිය බෙදා වෙන් කිරීමක් බැවින් එය සිදු නොකළ යුතු බව තලේබාන් සංවිධානයේ අදහස වන නමුත් කිලෝමීටර් 2670 ක් දුරට විහිදෙන ඩුරන්ට් රේඛාව නම් වූ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය වෙන් කරන දේශසීමාව 1893 දී බ්‍රිතාන්‍ය ඇෆ්ගන් යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන අධිරාජ්‍යය වෙන්කරමින් නිර්මාණය කරන ලද අතර එහිදී සාම්ප්‍රදායික පෂ්තුන් ගෝත්‍රික නිජභූමිය බෙදා වෙන් කරන ලද බවට චෝදනාවක් පවතී.