― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමනුෂ්‍යත්වය පාගා දමන සමාජ ක්‍රමයක් බිහිවෙලා - නීතිය වල් වැදිලා

මනුෂ්‍යත්වය පාගා දමන සමාජ ක්‍රමයක් බිහිවෙලා – නීතිය වල් වැදිලා

නායකයින් ගන්නා තීරණවලින් මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම පාගා දමන සමාජ ක්‍රමයක් බිහි වී ඇති බවත් ඒ හේතුවෙන් නීතිය සම්පූර්ණයෙන්ම වල් වැදුණු සමාජ ක්‍රමයක් මෙරට තුළ බිහිවී ඇති බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

කටාන ප්‍රදේශයේ පැවති ආශීර්වාද ගැන්වීමේ උත්සවයකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන් මෙසේද කීය.

“මේ නිදහස් වෙළෙඳ ආර්ථිකය කියන ක්‍රමවේදය අපිට හඳුන්වලා දුන්නු අය කළේ, මේ රටට ලොකු විනාශයක් ගෙන දෙන එකයි. නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමය තුළ අශීලාචාර තරගකාරිත්වයක් සමාජය තුළ බිහි වෙලා අනිත් අයට මොනවා වුණත් කමක් නෑ, මම පෝසත් වෙන්න ඕනේ. මම ලොකු මනුස්සයෙක් වෙන්න ඕනේ. මම බලවතෙක් වෙන්න ඕනේ කියලා හිතාගෙන නීතිය සම්පූර්ණයෙන්ම වල් වැදිච්ච සමාජ ක්‍රමයක් අද මේ ලංකාවේ බිහි වෙලා තියෙනවා. ඒක අවුරුදු ගණනක් තිස්සේ සිදුවෙච්ච දෙයක්. ඒක නිසා මේ දූෂණකාරී පරිසරයෙන් අපිට මිදෙන්න පුළුවන් වෙයි ද? දෙයියෝ විතරයි දන්නේ. අපි දන්නේ නෑ මොනවාද මේ වෙන්න යන්නේ කියලා?

හිතුවක්කාර විදියට නායකයෝ තීරණ අරගෙන මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම පාගා දමන සමාජ ක්‍රමයක් අද ඇති වෙලා තියෙනවා. එක්කෙනෙකුගේ අතට සම්පූර්ණ බලතල ලැබෙන අනිත් අය ගැන කිසිම තැකීමක්, අනිත් අයගේ අදහස් උදහස් විමසීමට උනන්දුවක් නැති නායක සමාජ ක්‍රමයක්, රාජ්‍ය සමාජ ක්‍රමයක් අද බිහි වෙලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම අපේ රටට ලොකු අවාසානාවක්. අද ඇති වෙලා තියෙන බලයෙන් පිස්සු වැටුණු සමාජයක් තුළ විවිධ අය බල කාමයෙන් මුලා වෙලා හැසිරෙන ආකාරය යි අපි දකින්නේ. ඕගොල්ලෝ උන්නත් එකයි, මම සන්තෝෂයෙන් හිටියොත් ඇති යි කියලා හිතා ගන්න ක්‍රමවේදය තමයි මේ නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමයෙන් රටට ඇවිල්ලා තියෙන්නේ. අපේ රට තුළ නීතිය සම්පූර්ණයෙන්ම අමතක වෙච්ච සමාජ ක්‍රමයක් බිහිවෙච්ච් නිසා අපේ රට තුළ මේ තත්ත්වය උදා වෙලා තියෙනවා.”