― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරටට ගෙනා කසළ බහාලුම් ප්‍රතිඅපනයනය කෙරේ

මෙරටට ගෙනා කසළ බහාලුම් ප්‍රතිඅපනයනය කෙරේ

නීතිවිරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාලුම් තොගයේ අවසන් බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද (21) සිදු කෙරේ.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ මෙම කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ, පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය නිගමනය කිරීමෙන් අනතුරුව ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඒවා ප්‍රති අපනයනය කිරීමට තීරණය කෙරිණි.

එලෙස මෙරටට ආනයනය කළ කන්ටේනර් සංඛ්‍යාව 100 කට අධිකය.