― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalරටට ඕනේ සොරකමෙන්, දූෂණයෙන් තොර පාලනයක්

රටට ඕනේ සොරකමෙන්, දූෂණයෙන් තොර පාලනයක්

පසුගිය අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලනඥයෝ හොරකමට පුරුදු වී ජනතාවගේ දේවල් සොරකම් කළ බවත් රටට අවශ්‍ය වන්නේ හොරකමෙන් දූෂණයෙන් තොර පාලනයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ (20) යාපනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමිම් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

“හොරකම නැති දූෂණය නැති දේශපාලන නායකයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදිව ඉදිරියට ගෙනයනවා. මේ රටට අවශ්‍ය වන්නේ හොරකමෙන් දූෂණයෙන් තොර පාලනයක්. පසුගිය අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලනඥයෝ හොරකමට පුරුදුවෙලා ජනතාවගේ දේවල් හොරකම් කරනවා, පොදු සම්පත් හොරකම් කරනවා. ඒ නිසා මේ අසරණ පොදු ජනතාවට වැඩකරන නායකයින් අවශ්‍යයි. අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්න මුළු රටේම ජනතාවට තියෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුදයක් තියෙනවා. ගොවි ජනතාවට ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක්වෙලා තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා ඒ තත්ත්වය ඇතිවී තිබීම ගැන. මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් තිබුණේ නැහැ. රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා. බඩු මිල පහත වැටිලා තිබුණා. ඒ වගේම මුළු ලෝකයේ නායකයින් සියලුදෙනාම මිත්‍ර කරනගෙන තිබුණා. ඒ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහාය දුන්නා.”