― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalරාජපක්ෂලා වැඩ අනාගත් නිසා අද යන එන මං නැතිවෙලා

රාජපක්ෂලා වැඩ අනාගත් නිසා අද යන එන මං නැතිවෙලා

රාජපක්ෂලා වැඩ අනාගත් නිසා දැන් යන එන මං නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය බල කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එකිවෙමිනි.


අද වනවිට රට ඇද වැටී තිබෙන තත්ත්වය අනුව දේශීය විසඳුමක් මගින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීමට යාම අනුවණ ක්‍රියාවක් බවත් මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලන වුවමනාවන් මත කටයුතු කරමින් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට හැකියාව තිබෙන විසඳුම පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දිනම නිර්මාණය වෙමින් පවතින බවත් හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

“දැන් ඛනිජ තෙල් ප්‍රශ්නය විදුලි බල ප්‍රශ්නයක් බවටත් පත්වෙලා.මෙය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ස්ථායීතාවයට ලොකු ගැටලුවක් ඇතිකර තිබෙනවා. තෙල් සංස්ථාවට ණය දෙන්න එපා කියල, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට මහ බැංකු අධිපතිවරයා උපදෙස් දුන්නා කියල, අද පත්තරවල තියනවා. පේනව නේද ගැටලුවේ බැරෑරුම් කම? මේ බැංකුවලට ප්‍රශ්නයක් වු‍ණොත් අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මහජනතාව නේද?

රාජපක්ෂලාට අපි කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගත්තා. දැන් යනඑන මං නෑ. නමුත් ස්වාධීන ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයේ අපි කියන දේවල් ඔබලා අහන්නවත් සූදානම් නෑ. මෙහෙම රටක් කරන්න බෑ. අපි ඔබලාට බල කරනවා, 25 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියලා.