― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලිය හා ඉන්ධන ඉතිරි කිරීමට අදාළ නව චක්‍රලේඛයක්

විදුලිය හා ඉන්ධන ඉතිරි කිරීමට අදාළ නව චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කළේ මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි.

ඊට අමතරව දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට කෙරෙන කැඳවීම් නව චක්‍රලේඛයෙන් සීමා කෙරෙනු ඇති.

හැකි සෑම අවස්ථාවකදීම zoom ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද උපදෙස් දුන් බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත කරන ලෙස ද, නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.