32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (22) සිට ලබන 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ඒ අනුව ‍පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වේ.

පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසඳයේ රැස්වීමක්ද අද පැවැත්වීමට නියමිත අතර අනිද්දා විපක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය. පෙබරවාරි 24 වැනිදා සත්ත්ව හා වෘක්ෂ ලබා ආරක්ෂක සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම ඇතුළු පනත් කිහිපයක විවාදයන් පැවැත්වීමට නියමිතයි.