― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද පැය තුනක විදුලි කප්පාදුවක්

අද පැය තුනක විදුලි කප්පාදුවක්

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22) දිවයින පුරා පැය 02ත් 03ත් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත පස්වරු 04.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේය.

ඊයේ (21) දිනයේද දිවයින පුරා පැය 02කට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුකළ අතර කාණ්ඩ 11ක් යටතේ එම විදුලි කප්පාදුව අද සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

“ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරා අද දිනයේ, විදුලි කප්පාදුවක් සිදුකිරීම අවශ්‍ය බව. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසරය ලබාදුන්නා. ඊයේ වගේම අදත් විදුලිය 4.30ට පස්සේ කැපෙන්නේ. විශාල සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය ලියන නිසා දවල් කාලයේ දී විදුලි කප්පාදුවක් සිදුවෙන්නේ නෑ. කාණ්ඩ 2ක් අනුව. එක කාණ්ඩයක් පැය දෙකකුත් අනෙක් කාණ්ඩය පැය 3කුත් වශයෙන් 4.30 සිට 10.30 දක්වා. ඒ අනුව A,B,C කාණ්ඩයට පැය 2කුත් අනෙක් කාණ්ඩවලට පැය 3කුත් විදුලි කප්පාදුව සිදුවෙනු ඇත. හෙට දිනයට අපිට අද තියෙන තත්ත්වය අනුව කියන්න පුළුවන්.”