29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව පෝලිම් නිර්මාණය කරන්න හරි දක්ෂයි

ආණ්ඩුව පෝලිම් නිර්මාණය කරන්න හරි දක්ෂයි

වැස්ස නැතිනම් විදුලිය දෙන්න බැහැ කියන ආණ්ඩුවක් ලෙස මෙම ආණ්ඩුව ඉතිහාසගත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

අද (22) පෙරවරුවේ කොළඹදී පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් නිර්මාණය කළ ආණ්ඩුව මේ වන විට ඉන්ධන පෝලිමක්ද නිර්මාණය කර ඇති බවත් වැස්ස නැතිනම් විදුලිය දෙන්න බැහැ කියන ආණ්ඩුවක් ලෙස මෙම ආණ්ඩුව ඉතිහාසගත වන බවත් අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය නායකවරයා කියා සිටියේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගන්න බැරුවා වගේම ජනතාවටත් අද එදා වේල කා ජීවත් වෙන්න බැරි තැනට පත් වී ඇති බවයි.