27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

යුක්රේන – රුසියාව අතර ඇතිවී තිබෙන ගැටළුව හේතුවෙන් මෙරට ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වන විට මෙරටට ඉන්ධන නෞකා 03ක් පැමිණ ඇති බවත් එම නෞකාවල තිබෙන ඉන්ධන සඳහා කෙසේ හෝ ඩොලර් සොයා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ හෝ ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු සිදුකරනු ලබන බව ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කරයි. මේ වන විට ලෝක වෙළෙඳපලේ ඉන්ධන බැරලයක මිල සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.