27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

මේ වන විට පාසල් ළමුන් අතර කොවිඩ් එන්නත ලබාදීම සාර්ථකව සිදුවෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“පාසල් වැඩසටහනක් විදියට පාසල් පද්ධතියේ අවුරුදු 12ත් – 16ත් අතර දරුවෝ 745,000ක් මේ වනවිට ඉතාමත් ආරක්ෂිතව කිසිදු සිදුවීමක් නැතුව එන්නත ලබාදීලා තියෙනවා. ඊට අමතරව 16ත් 19ත් අතර, වයස් කාණ්ඩයේ දරුවෝ මිලියන 1.1කට එන්නත ලබාදීලා තියෙනවා. පාසල් වැසීම තුළ පාසල් වැඩසටහනේ යම්කිසි අඩුවක් සිදුවුණා. දැන් උසස් පෙළ සමහර විෂය ධාරාවන් ඉවරයි. ඒ දරුවන්ට ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකින් ම තමන්ගේ දෙවන මාත්‍රාව ලබාගන්න පුළුවන්. ඒ ළමුන්ගේ විභාගය ඉවර නම්, විෂයන් පැහැදිලිවම MOH එකට ගිහින් ඒක ගන්න පුළුවන්. රට පුරාම පැහැදිලි යාන්ත්‍රණයක් තියෙනවා එන්නත් බෙදා දෙන්න.”