― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsකැබිනට් ඇමතිවරයෙක්ගෙන් විදුලිබල මණ්ඩලයට එක් කෝටි විසිපන් ලක්ෂයක පොල්ලක්

කැබිනට් ඇමතිවරයෙක්ගෙන් විදුලිබල මණ්ඩලයට එක් කෝටි විසිපන් ලක්ෂයක පොල්ලක්

රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක විදුලි බිල නොගෙවූ කැබිනට් අමාත්‍යවරයෙකු සිටින බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් අනාවරණය කළේය.

ඒ කිරුළපන, සරණංකර මාවතේ පදිංචිව සිටින අමාත්‍යවරයෙක් බවත් අදාළ නිවසේ විදුලි බිල නිකුත් වන්නේ හමුදා ප්‍රධානියෙකුගේ නමට බවත් රංජන් ජයලාල් වැඩිදුරටත් කියා සිටියේය.

විදුලි බිල පරීක්ෂා කිරීම සඳහා අදාළ සේවකයන්ට එම නිවස තුළට ඇතුළු වීමට එහි ආරක්ෂාව භාරව සිටින හමුදා නිලධාරීන් ඉඩ නොදෙන බව වාර්තා වෙයි. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක හිඟ විදුලි බිලද රුපියල් කෝටිය ඉක්මවා ඇති නමුත් එහි විදුලිය විසන්ධි නොකර ඇති බවත් සාමාන්‍ය තෝසේ, ආප්ප කඩ හිමියා එම බිල නොගෙවුවහොත් කඩිනමින් විදුලිය විසන්ධි කිරීමට ක්‍රියාකරන බවටත් ජයලාල් ආණ්ඩුවට චෝදනා කළේය.

මහජන නියෝජිතයන් යැයි හඳුන්වා ගන්නා මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ තම නිවසේ හෝ අමාත්‍යංශයේ හෝ කාර්යාලයේ විදුලි බිල නොගෙවා ඇත්නම් ඒ බව විදුලි බල මණ්ඩලයට දැනුම් දී විදුලිය විසන්ධි කරගැනීමට ක්‍රියාකිරීම හා පාපැදියෙන් රාජකාරියට යන්නැයි සාමාන්‍ය ජනයාට යෝජනා කරන ඇමැතිවරුන් ප්‍රාඩෝ රථ නිවසේ තබා පාපැදිවලින් රාජකාරි කිරීමට යාම බව හෙතෙම අවධාරණය කළේය.