― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජීවන් කුමාරතුංග ශ්‍රීලනිපය අත්හරී

ජීවන් කුමාරතුංග ශ්‍රීලනිපය අත්හරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් එහි ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි බැවින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එහි උප සභාපති ජීවන් කුමාරතුංග පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ ජීවන් කුමාරතුංග මෙසේද පැවසීය.

“වසර 35ක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු පුද්ගලයෙක් මම . නමුත් මම අද ඉතාමත් කණගාටුදායක තීරණයක් ගත්තා. මේ දක්වා මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරු වලින් හා වගකීම් වලින් ඉල්ලා අස්වීමට මා තීරණය කළා.ඒ බව පක්ෂයේ ලේකම් වරයාට ලිඛිතව දැන්ව්මට මා පියවර ගත්තා.

ඇත්තෙන්ම මේ තීරණය ගන්න හේතු ගණනාවක් තිබුණා . අද වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින්ට කුමාරණතුංග භීතිකාවක් තිබෙනවා . ඒ නිසා ඔවුන් අපිට විවිධ කෙනෙහිලිකම් කරනවා. කාලයක් තිස්සේ ඒව අමාරුවෙන් ඉවසා දරාගෙන හිටියා . බැරිම තැන තමයි මම මේ තීරණය ගත්තේ .

ඇත්තෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ කීර්තිමත් පක්ෂයක් .පංච මහා බලවේගය නියෝජනය කරපු පක්ෂයක්. නමුත් පංච මහා බලවේගය නියෝජනය කරන ජනතාව ජීවත් වීමේ අයිතිය ඉල්ලා මේ වෙනකොට මහපාරේ අරගල කරද්දී එහි නායකයින් ඒ ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් ක්‍රියා කරනවා . මේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අනුමත කරන්නේ නැහැ .

ඔවුන් විටෙක රජයට සුදු හුණු ගාමින් රජයත් සමග ඉන්නව , තවත් විටෙක මාධ්‍ය ඉදිරියේ රජය විවේචනය කරමින් කටයුතු කරනව. රැවුළයි කැඳයි දෙකම රැකගැනීමේ දෙබිඩි පිළිවෙතක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් මේ දිනවල අනුගමනය කරන්නෙ. මේ නිසා පාක්ෂිකයා දැඩි ලෙස කලකිරීමට ලක් වෙලා. එවන් තත්ත්වයක් මත මට තවදුරටත් මේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන නායකයින් සමග කටයුතු කිරීමට හැකියාවක් නෑ . ඒ නිසා මම අද දවසේ දී ඉල්ලා අස්වීමට තීරණය කළා .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා අලුත් වැඩපිළිවෙළක් තුළින් රජයක් පිහිටවන බව කියමින් රටපුරා යනවා. නමුත් මධ්‍යම කාරක සභාවේ උප සභාපතිවරයා හැටියට අපිත් සමග එහෙම කිසිම සැලැස්මක් ගැන කතා කරලා නෑ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් උපක්‍රමශීලීව රජයේ විවේචනය කරමින් සටන් පාඨ කියමින් හදන්නේ තවදුරටත් මේ රජයත් සමග එකට හිදිමින් ඉදිරියට යන්නයි. ඒ දෙබිඩි පිළිවෙත මම අනුමත කරන්නේ නෑ . ඉන් වෙන්නෙ මේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ අරමුණු ඉටු කිරීමට අවස්ථාවක් නොලැබීමයි ..

ඒ අනුව ඉදිරියේදී නව ලංකා නිදහස් පක්ෂයත් සමග අත්වැල් බැඳගනිමින් මහජනතාවගේ අරමුණු ඉටු කිරීමට අලුත් දේශපාලන ගමනක් යන්න තීරණය කළ බව මෙහිදී කිව යුතුයි .

එහිදී වර්තමාන තරුණ පරපුරට ඇති ප්‍රශ්න හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දෙමින් ආර්ථික දේශපාලන සමාජයීය හා සංස්කෘතික ඇතුළු සියලු ක්ෂේත්‍ර වල පවතින ගැටළුවලට විසඳුම් ලබාදෙමින් ක්‍රියා කිරීමට මා බලාපොරොත්තු වෙනවා .ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරලයි තියෙන්නෙ . ඒ සැලසුම් රටපුරා ගෙන යමින් ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා . එහිදී ඔවුන්ගේ අදහසුත් ලබාගෙන යම් සංශෝධනයක් කළ යුතු නම් එයත් කරමින් අපේ ජාතික වැඩපිළිවෙළ විජයග්‍රහණය කරා මෙහෙයවන්න කටයුතු කරනවා

ඉන් පසුව ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීම සඳහා මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන බලවේග වලට මහජන නියෝජිතයින් ඇතුළු සියලු දෙනාට අපි ආරාධනා කරනවා. මේ පුළුල් ජාතික සන්ධානය ජයග්‍රහණය කිරීම සඳහා අප සමග එක්වන්නැයි කියා.

මා ඉදිරියේදී සම්බන්ධ වන නව ලංකා නිදහස් පක්ෂයේ දැනට නායකත්වය දරන්නේ කුමාර වෙල්ගම මහතා , ඒ වගේම මේ වෙනකොට අපේ පක්ෂයක් සමඟ ඉදිරියේදී සම්බන්ධ වී කටයුතු කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක දේශපාලන නියෝජිතයින් එකඟතාවය පළ කර තිබෙනවා යැයි ඔහු තවදුරටත් පැවසීය.

මේ ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආශිර්වාදයත් අපට ලැබේවි. මොකද මෙතුමියගේ පියා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදද්දි එහි මුල් බැසගත් පංච මහා බලවේගය අමතක කරමින් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකිවයුත්තන් කටයුතු කරෙන නිසා.”