― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට කෝටි 150ක බෝනස් ගෙවයි

දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට කෝටි 150ක බෝනස් ගෙවයි

සේවකයන් 5,200කට වසරකට බෝනස් තුනක්

මාසයකට කෝටි 25 – 30 අතර අතිකාල දීමනාත් ගෙවයි

දිනකට රුපියල් කෝටි 55ක් (මිලියන 551ක්) පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි.

සේවකයන් 5,200කට පමණ පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දෙයි.

එසේම ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මේ වන විටත් මාසකට රුපියල් කෝටි 25 – 30ක අතිකාල (OT) ගෙවන බවද සංස්ථාවේ මූල්‍ය අංශ පවසයි.

ඩොලර් බිලියන 3.71ක් එනම් රුපියල් බිලියන 750කට වැඩි ණයක් සහිත, ආණ්ඩුවට පසු ලංකාවේ සිටින ලොකුම ණය ගැතියා ඛනිජ තෙල් සංස්ථාව බව පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කළේය.

ක්‍රිසන්ති විතාරණ