26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රතිසංස්කරණය කළ බස් රථ 200ක් ධාවනයට

ප්‍රතිසංස්කරණය කළ බස් රථ 200ක් ධාවනයට

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීමද අත්හිටවනු ලැබීය. එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගැනිණ. එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 දෙසැම්බර් මාසයේදී සිදු විය.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට වැය කළ මුදල රුපියල් මිලියන 136කි.