― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalභානුක ඉදිරියේදී හොඳ කම්බැක් එකක් දෙයි

භානුක ඉදිරියේදී හොඳ කම්බැක් එකක් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරය වෙත තෝරා නොගැනීමට හේතුව සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී භානුක ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කම්බැක් එකක් දෙනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා අද (22) පාර්ලිමේන්තුවේදී භානුක රාජපක්ෂ පිළිබඳව යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,

“ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව. ක්‍රිකට් ක්‍රීඩාවේ ගරු කතානායකතුමනි තේරීම් කමිටුවක් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් කමිටුවක් දාලා තියෙනවා පරිපාලන කටයුතුවලට ඒ වගේම පුහුණු උපදේශක ලෙස මහේල ජයවර්ධන මැතිතුමාව පත්කරලා තියෙනවා. ඉතින් මෙතෙක් කල් තේරීම් කමිටුවලට ඇඟිලි ගහලා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඕන විදියට කණ්ඩායම් තෝරලා සහ වෙනත් හේතු මත කණ්ඩායම් තෝරලා තමයි පහුගිය අවුරුදු ගණනාව තුළ අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටුණේ. ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි, භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්, හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්, ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළයුතු ක්‍රීඩකයෙක්. හැබැයි ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන්ගේ නිර්දේශය මත තමයි මෙවර ඉන්දීය සංචාරයට කණ්ඩායම තෝරලා තියෙන්නේ. ඉතින් ඔවුන් තෝරා නොගැනීමට හේතු පිළිබඳව ඔහුවත් දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදියට මාවත් දැනුවත් කළා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ පෞද්ගලික කාරණා පිළිබඳව ගරු කතානායකතුමනි මම හිතන්නේ මාධ්‍යයේ කතා නොකළ යුතු කාරණයක්. ඉතින් මම හිතන්නේ ඒ හේතු මම ප්‍රකාශයට පත්කරන්නේ නෑ මේ අවස්ථාවේ. හැබැයි මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නොවෙයි. ඔහුට ඕන තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා ඉතින් මම හිතනවා විශ්වාස කරනවා හොඳ කම්බැක් එකක් ක්‍රිකට්වලට දෙයි කියලා.”