රටට තෙල් නැවක් පැමිණීම අද වන විට ඇමතිවරුන්ට මැජික් එකක් වී ඇති බවත් මේ ආණ්ඩුව තෙල් මිල තවත් ඉහළ දමා ජනතාව කබලෙන් ලිපට වට්ටන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
තෙල් හා විදුලි ප්‍රශ්නය එකිනෙකට බැඳුණු අර්බුදයක් බැවින් අනිවාර්යයෙන්ම තෙල් හා විදුලි බිල් ඉදිරියේදී ඉහළ යන බවත් මේ වන විට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්ධන මිලදී ගැනීමට ලබාගෙන ඇති අතර ආණ්ඩුව කළ යුත්තේ අමතර නාස්තිකාර වියදම් වහාම අඩු කිරීම බවත් ඔහු අවධාරණය කළේය.
ගිය මාස 7ට විදේශ ප්‍රේෂණ ඊට පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,055ක් පහත වැටී ඇති අතර එම ඩොලර් බිලියන දෙක ලංකාවට ලැබුණේ නම්, ඉන්දියාවෙන් ණය ගැනීමට සිදු නොවන බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදී ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේය.
රටට තෙල් නැවක් පැමිණීම අද වන විට ඇමතිවරුන්ට මැජික් එකක් වී ඇති අතර විදුලිබල මණ්ඩලයට විශාල ලෙස ණය ගෙවීමට සිදුව ඇති බවත් විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම ලබන පාඩුව හා පිරිපහදු කටයුතු, ගබඩා කටයුතු අඩපණ වීම, ආණ්ඩුව පනවා ඇති විශාල බද්ද යන කාරණා මෙම අර්බුදයට මූලික වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීය.