― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදෙස් ණය ගෙවීමට රජයට හැකියාව තිබෙනවා - මහබැංකු අධිපති

විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව තිබෙනවා – මහබැංකු අධිපති

සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඊයේ (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බවත් සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත් ඔහු වෙහිදී අවධාරණය කළේය. ණය නොවන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.