― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්නැයි ඇමති ඉල්ලයි

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්නැයි ඇමති ඉල්ලයි

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමේදී විදුලිබල හා ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවේදී ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර
අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවමින් පවතින අවස්ථාවක විදුලිය කප්පාදුව නිසා සංචාරක ව්‍යාපාරයට බාධාවක් එල්ල විය හැකි බවයි.
මේ වන විටත් සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන් මේ සම්බන්ධයෙන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇති බවත් මේ නිසා අඩුම තරමින් සංචාරක කළාපවත් මෙම විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි ඇමතිවරයා පවසා තිබේ.

විදුලි කප්පාදුව සිදුවන්නේ කලාප 04කට බෙදා බවත් සංචාරක කලාප ඉන් නිදහස් කළ හැකිදැයි විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෙනුවට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා එකගතාවය පළ කර තිබේ.

මේ වන විට දිවයින පුරා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ සංචාරක කළාප සංඛ්‍යාව 16 කි. නිලාවේලි, මාදුගග හා ඒ අවට ආරුගම්බේ, ත්‍රීකුණාමලය, කල්කුඩා, පින්නවල, දේද්දුව, බෙන්තොට, කුච්චවේලි, කල්පිටිය, උණවටුණ, මීගමුව, බේරුවල, ගල්කිස්ස, යාල හා ඇල්ල එම සංචාරක කලාපයි.