23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIMF එකෙන් වැඩිම ණය වාරිකය ගත්තේ මහින්ද රාජපක්ෂ රජයයි

IMF එකෙන් වැඩිම ණය වාරිකය ගත්තේ මහින්ද රාජපක්ෂ රජයයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක් වරකදී ලබාගත් වැඩිම ණය මුදල ලබා ගත්තේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේදී බවත් මේ වනවිට ලංකාවේ අපනයනවලට වඩා ආනයන දෙගුණයක් බවට පත්ව ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

විදේශ ප්‍රේෂණ ලැබීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් පවතින ගැටලුකාරී තත්ත්වය මාසයකින් දෙකකින් සමනය නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව අවස්ථා 29කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති බවත් වත්මන් රජයද අවශ්‍ යනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.