27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න

අද විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් අදත් (23) දිවයින පුරා පැය හතර හමාරකට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව පෙරවරු 08.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කෙරේ. ප්‍රදේශ කිහිපයකට පැය 04යි මිනිත්තු 30 කාලයකුත්, අනෙක් ප්‍රදේශ සඳහා පැය 04යි මිනිත්තු 40ක කාලයකුත් විදුලිය කප්පාදුව සිදුවනු ඇත.

මේ අතර හෙට (24) දිවා කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,250ක් වන අතර සවස් කාලයේදී විදුලි ඉල්ලුම 2,370ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය. මීට අමතරව රාත්‍රි කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,700ක් දක්වා ඉහළ ගොස් ඇත.

පවතින ඉන්ධන සහ ජල හිඟය හේතුවෙන් හෙට දිනය තුළ පමණක් ජාතික පද්ධතියට මෙගාවොට් 1,628ක විදුලි ධාරිතාවක් අහිමි වේ. ඉන් මෙගාවොට් 440ක් තාප විදුලි බලාගාර අක්‍රිය වීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවී ඇති බව වාර්තා වේ.

ඊයේ (22) පස්වරුව වන විට සපුගස්කන්ද ඒ සහ බී බලාගාර සඳහා දැවි තෙල් ලබාදීම ආරම්භ කර තිබේ. එමෙන්ම කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයට නැප්තා ලබාදීම ආරම්භ වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර සිදු කරන විදුලි කප්පාදුවට එරෙහිව අද දිනයේ උද්ඝෝෂණයක නිරත වන බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු කේ.එච් සංජීව ධම්මික පැවසීය.

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාණ්ඩ හා ප්‍රදේශ පහතින් දැක්වේ.