26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක්

ඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු මාසය තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටසින් රුපියල් කෝටි 10කට අධික ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

පසුගිය 2022-01-15 වැනිදා මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබීය.

2022-01-16 වැනිදා සිට 2022-02-21 වැනිදා දක්වා කාලය තුළ රථවාහන 510,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර තිබෙන අතර එයින් 109,659,600.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.