27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ධන හිඟය නිසා බස් රථ ධාවනයත් කොට උඩ

ඉන්ධන හිඟය නිසා බස් රථ ධාවනයත් කොට උඩ

ඉන්ධන හිඟය ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට පනහක් ධාවනයෙන් ඉවත් වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බවත් කොවිඩ් වසංගත සමයේ පෞද්ගලික බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට සිය රැකියාව අහිමි වීම මත ඔවුන් වෙනත් රැකියා සොයා ගෙන ඇති බවත් ගැමුණු විජේරත්න වැඩිදුරටත් සදහන් කළේය.

බලධාරීන් නිසි ධාවන කාලසටහන් සකසා නොදීම හේතුවෙන් පෞද්ගලික බස් රථවල රියැදුරන් තරගකාරී ධාවනයන්හි යෙදෙන තත්ත්වය වැඩි වී ඇති බවත් එම නීති කඩ කරන්නන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

බස් රථ ධාවනය සඳහා අවසරපත් ලබාදීමද මේ වනවිට දේශපාලනීකරණය වී ඇතැයි ඔහු චෝදනා කරයි.