30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් ප්‍රභේදයෙන් කොවිඩ් අවසන් වෙයිද?

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් කොවිඩ් අවසන් වෙයිද?

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයත් සමග කොවිඩ් වසංගතයේ අවසානය පෙන්නුම් කරන බවට මෙතෙක් සනාථ වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීම තුළින් බොහෝ රටවල කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් දැක්වු වෛද්‍යවරයා,

“විශේෂයෙන්ම අපි දන්නවා සමහර රටවල් අත්හදා බැලීමක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම එම රටවල තිබෙන සීමාවන් පැනවීම හරහා ඇතිවන ආර්ථික සහ සාමාජීය බලපෑම හේතුකොට ගෙන වෙන්න පුළුවන්. බොහෝ ස්ථානවල ඔමික්‍රෝන් රෝගය අවසාන වෙනවායි කියන පදනමින් සහ විවිධ හේතුන් මත යම් යම් සෞඛ්‍ය නීතිරීති ලිහිල් කරලා තියෙනවා. ඒ ලිහිල් කිරීම් හරහා සාපේක්ෂව රෝගීන් වැඩිවීමක් බෝහෝ රටවල වාර්තා වෙලා තියෙනවා. එවැනි රටවල් විශේෂයෙන්ම දියුණු රටවල් හැටියට සලකන රටවල් වලත් ඒ තත්ත්වය වාර්තාවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ මොහොතේ කියන්න පුළුවන් වන්නේ එවැනි අවසානයක් මේ මොහොතේ දකින් නැහැ. හැබැයි නුදුරේම ඒක පැමිණේවා යැයි අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා.”