22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකුමන බාධක ආවත් රටේ ජනතාවට සහන සලසනවා

කුමන බාධක ආවත් රටේ ජනතාවට සහන සලසනවා

කුමන බාධක හමුවේ වුවත් අනිවාර්යෙන්ම රටේ ජනතාවට සහන සලසන බවත් විදුලිය නොමැතිව මෙතෙක් කලක් ජනතාව අඳුරේ නොසිටි බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

යම් යම් වෙලාවන් වලදී යම් දෙයක් සිද්ධ වුනද ජනතාව අදුරේ නොසිටි බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. විදුලිය විසන්ධි කරන බවට SMS පණිවිඩ පැමිණියද මේවා සිදු කරන්නේ රටක් කරවන පුද්ගලයින් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

“ජනවාරි මාසය වෙනකොට සාගතයක් ඇති වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා තෙල් නැතුව වාහන පාරේ නවත්වන්න වෙනවා කියලා. පැය 24 ලයිට් කපනවා කිව්වා. ඉතින් මේ වගේ නොයෙක් ඒවා කියනවා. හැබැයි මොනව කිව්වත් මේ අභියෝග මැද අපි අනිවාර්යෙන්ම මේ රටේ මිනිසුන්ට අවශ්‍ය තෙල් ටික, අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික ලබා දෙන්න, ඒ වගේම විදුලිය කප්පාදුවක් නැතිව ඉදිරියට ගෙනියන්න රජයක් විදිහට වැඩ කටයුතු කරනවා.”