― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෛනික පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළට

දෛනික පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළට

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළ යාම හා ඊට සරිලන පරිදි සැපයුම නොමැති වීම නිසා රට පුරා පැරසිටමෝල් ඖෂධයේ හිඟයක් පවතින බව ඖෂධ නියාමන සැපයීම් හා නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඊයේ (22) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දෛනික පැරසිටමෝල් නිෂ්පාදනය පෙති ලක්ෂ තිහක් බවත් පෙරේදා සිට එය ලක්ෂ 32ක් දක්වා වැඩිකළ බවත් ඔහු එහිදී හෙළි කළේය.

පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සියයට 150ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර කොවිඩ් රෝගීන්, රටපුරා පැතිර යන වෛරස් උණට හා ඩෙංගු රෝගයටද ඖෂධ ලෙස නිර්දේශ වන්නේ පැරසිටමෝල් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මීට පිළියමක් ලෙස රට තුළම ඖෂධ නිපදවා ගැනීම හොඳ ම විසඳුම බවත් ආනයනික ඖෂධ අතරින් තවමත් සියයට 4ක ප්‍රමාණයක් ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඒවා බවත් චන්න ජයසුමන එහිදී අනාවරණය කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවලින් ගෙන එන ඖෂධ අතර මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ පවතින බවයි.