27.1 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් පරිහරණයට මන්ත්‍රීන්ට අවසර

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් පරිහරණයට මන්ත්‍රීන්ට අවසර

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ සාක්ෂි සටහන් මන්ත්‍රීවරුන්ට පරිහරණයට අවසර දී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුව භාර දුන් අතර නීතිමය හේතු මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ ලිපි ගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු වී ඇත්තේ, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහායි.