― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුෂ්පිකා ප්‍රකාශය දෙන්න ආවෙ නැත්තෙ ඇයි?

පුෂ්පිකා ප්‍රකාශය දෙන්න ආවෙ නැත්තෙ ඇයි?

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාට අද (23) පිලියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.

ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද පුෂ්පිකා ද සිල්වාට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. අද ඇයට පැමිණීමට අපහසුතාවයක් තිබෙනවා. එයට හේතුව චන්දිමාල් ජයසිංහ මහත්මාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයෙකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන නිසයි. මේ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වැනිදා පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදෙනු ලැබුවා”