27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් - භාණ්ඩාගාර ලේකම් ඉන්දියානු සංචාරයකට සැරසේ

බැසිල් – භාණ්ඩාගාර ලේකම් ඉන්දියානු සංචාරයකට සැරසේ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල මෙම 25 වැනිදා ඉන්දියානු සංචාරයක නිරත වීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුද සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර ඊට ඉන්දියාව ලබාදෙන සහාය පිළිබඳවද එහිදී මුදල් අමාත්‍යවරයා විසින් සාකච්ඡා කරනු ඇත.

වත්මන් රජය විවිධ අවස්ථාවලදී සිය මිතුරු රාජ්‍යයන් සමග විදෙස් සබඳතාවල නිරතවීමෙන් පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා රට වැටී ඇති ආගාදයෙන් ගොඩගැනීම සඳහා උපදෙස් ලබා ගනී.

මේ වනවිට ශ්‍රී ලංකාව රටක් ලෙස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ පා ඇති අතර ඒ හේතුවෙන් රට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් සහ විදුලි අර්බුදයක් පැන නැගී ඇත. එය විසඳා ගැනීම උදෙසා රට තුළට ඩොලර් ගලා ඒම යළි සක්‍රීය තත්ත්වයට පත් කරගත යුතුව ඇත.