26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරින්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

හරින්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගර්භයට විදුලි පන්දමක් රැගෙන ඒම හේතුවෙන් අද (24) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

ඒ හේතුවෙන්, පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතා නායකවරයා කටයුතු කළේය.

හරීන් ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේ, විදුලිය විසන්ධි වූ විට වැසිකිළිය භාවිත කිරීම සඳහා අවශ්‍ය ආලෝකය ලබා ගැනීමට විදුලි පන්දම රැගෙන ආ බවය. 

“ඔය ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බ යි කියලා. මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා. ඉතින් මම ටෝච් එකක් අරන් එන එක වැරදි නැහැ. මේ ටෝච් එක ගහලා තමයි, ටොයිලට් එකට ලැට් එකට ගිය වෙලාවේ කරනට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහොම ද? ඒකයි මේ ටෝච් එකක් අරන් ආවේ.”