29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහරින්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

හරින්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගර්භයට විදුලි පන්දමක් රැගෙන ඒම හේතුවෙන් අද (24) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

ඒ හේතුවෙන්, පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතා නායකවරයා කටයුතු කළේය.

හරීන් ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේ, විදුලිය විසන්ධි වූ විට වැසිකිළිය භාවිත කිරීම සඳහා අවශ්‍ය ආලෝකය ලබා ගැනීමට විදුලි පන්දම රැගෙන ආ බවය. 

“ඔය ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බ යි කියලා. මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා. ඉතින් මම ටෝච් එකක් අරන් එන එක වැරදි නැහැ. මේ ටෝච් එක ගහලා තමයි, ටොයිලට් එකට ලැට් එකට ගිය වෙලාවේ කරනට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහොම ද? ඒකයි මේ ටෝච් එකක් අරන් ආවේ.”