― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබලශක්ති අර්බුදය ආණ්ඩුව බලෙන් මැවුවද?

බලශක්ති අර්බුදය ආණ්ඩුව බලෙන් මැවුවද?

අද වනතුරු බලශක්ති අර්බුදයට විසඳුමක් දීමට ආණ්ඩුව අසමත් වූ බවත් මෙම අර්බුදය ආණ්ඩුව උවමනාවෙන් සිදු කරන්නක්ද යන්න සැකයක් පවතින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකශ කළේ,

“මට ළඟදී ව්‍යවසායකයෙක් මුණගැහුණා. ඔහු පේපර් සර්වියට් කර්මාන්තය කරගෙන යන ව්‍යවසායකයෙක්. ඔහු යටතේ සාමාන්‍ය සේවකයන් හතක් පමණ සිටිනවා. ඒ ව්‍යාපාරය දැන් කරගෙන යන්න බැහැ කියලා ඔහු කිව්වා. මොකක්ද මං මගේ ව්‍යාපාරයට කරන්නේ මගේ සේවකයන්ට මොකක්ද කරන්නෙ කියලා ඇහුවා.

මේක එක ප්‍රශ්නයක් පමණයි. මේ වගේ කුඩා ව්‍යාපාර තමයි අද වැඩියෙන්ම බලපෑමට ලක්ව තිබෙන්නේ. ඔවුන්ට තමයි ආර්ථික අර්බුදය බැරෑරුම් ලෙස බලපාන්නේ. කොටස් වෙළෙඳපොළේ වෙනසක් වුණාම මාධ්‍යවල විශාල ලෙස එය පළ කරනවා. නමුත් ඩොලර්, බලශක්ති අර්බුදයට අද වනතුරු හරිහැටි විසඳුමක් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා. අර්බුදය හරියට හඳුනාගෙන නෑ. ආණ්ඩුවේ හැම ප්‍රකාශයකින්ම ඒ දේ තේරෙනවා.

මේ අර්බුදය ඕනෑකමින් කරන දෙයක්ද? නොදැනුවත්ව කරන දෙයක්ද? යන්න ප්‍රශ්නයක්. ආණ්ඩුවට මේ අර්බුදය නොපෙනීම විශාල ප්‍රශ්නයක්. එකිනෙකා හා සාකච්ඡා කර විසඳුමකට යා යුතුයි. මේක කොවිඩ් නිසා ඇති වූ හෝ සතුරන් විසින් ඇති කරන අර්බුද කියලා මේ ආණ්ඩුව කියනවා. ඊට විසඳුම් හොයන්න අපිට බැහැ. නමුත් අර්බුදය තුළිනුත් වාසි හොයන කණ්ඩායම් කටයුතු කරනවද කියලාත් අපට සැකයි.”