29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්රේනයට මිසයිල් ප්‍රහාර - රුසියාව තුන්වන ලෝක යුද්ධයකට සැරසෙයි

යුක්රේනයට මිසයිල් ප්‍රහාර – රුසියාව තුන්වන ලෝක යුද්ධයකට සැරසෙයි

රුසියාව විසින් යුක්රේනයේ හඳුනා ගත් හමුදා සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කෘස් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ Kyiv පළාත තුල පිහිටි යුක්රේන හමුදා කඳවුරු කිහිපයකටම රුසියාව විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිය හමුදා යුක්රේනයේ හමුදා ඉලක්‌ක වලට පමණක් ප්‍රහාර එල්ල කරනු ලබන බවයි.

මේ අතර බෙලරුස් හි ස්ථාන ගත කර සිටින රුසියානු හමුදා භට පිරිස් මේ වන විට යුක්රේනයේ උතුරු දෙසින් ඉදිරියට ඇදෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි නගර කිහිපයක වූ ගුවන් තොටුපොළවල් ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවද එරට බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර රුසියානු ගුවන් යානා ද යුක්රේන මෙහෙයුම් සඳහා යොදා ගැනෙන බවට වාර්තා ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.