― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්රේනයේ හදිසි තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිපිරීම්

යුක්රේනයේ හදිසි තත්ත්වයක් – ප්‍රදේශ රැසක පිපිරීම්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ නියෝග නිකුත් කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05ට ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුළ විශේෂ මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි.

තමන්ට අවශ්‍ය භූමිය අත්පත්කර ගැනීමක් නොව එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම පමණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. “අවි බිම තබා ගෙදර යන්න” යැයි එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේන හමුදා සාමාජිකයින්ට සිය කතාවේදී දැනුම් දුන් අතර තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විදීමට සිදුවෙනු බව ඔහු වැඩිදුරටත් පවසයි.

රුසියානු ජනාධිපතිවරයා ජාතිය අමතා සුළු මොහොතකින් Kiev, Mariupol, Kharkiv සහ Odessa යන ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (23) යුක්රේන පාර්ලිමේන්තුව විසින් මසක කාලයක් සඳහා එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ලක්ෂ 02 කට ආසන්න හදිසි හමුදාවක් කැඳවනු ලැබීය.

මීට අමතරව සියලුම යුක්රේනුවන්ට අවි දැරීමේ අවසරයද ඊයේ නිකුත් කරනු ලැබීය. මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා සිටියේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සිය ජනතාව සටන් වැදෙනු ඇති බවයි.

“ඔබලා පැමිණි විට අපගේ පිටුපස නොව මුහුණට මුහුණ දැකීමට හැකිවෙනු ඇති” යැයි යුක්රේන ජනපති පැවසීය. මේ අතර රුසියාවේ යුදමය තීරණය ගැන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් දක්වමින් කියා සිටියේ තමන් එය දැඩි සේ හෙළා දකින බවයි.

“ජනාධිපති පුටින් සැලසුම් සහගත ලෙස යුද්ධයක් තෝරා ගෙන ඇත. එය මහත් ව්‍යවසනයක් ගෙන දෙනවා පමණක් නොව ජිවිත හානි රැසක් සිදුවෙනු ඇති. මෙමගින් ඇතිවෙන සියලුම ජිවිත හානි සඳහා රුසියාව පමණක් වගකිව යුතුයි.”