27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරට තුළ පෙට්‍රල් තියෙන්නේ දින 10කට පමණයි

රට තුළ පෙට්‍රල් තියෙන්නේ දින 10කට පමණයි

ඉන්ධන නොමැතිව රට බරපතල තත්ත්වයකට පත්ව ඇති බව රජය පිළිගන්නවාද යන්න සහ එය පිළිගන්නේ නම් ඒ පිළිබඳ ගන්නා පියවර රටේ ජනතාවට සඳහන් කරන ලෙස රජයට සඳහන් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල පැවසුවේ විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නා බවත් රජය මෙම ප්‍රශ්නයේදී වැරැද්දක් සිදු කරන්නේ නම් එය කුමක්ද යන්න පිළිබඳ රජයට පෙන්වා දෙන ලෙස විපක්ෂයට සඳහන් කරන බවත්ය.

මේ අතර වාහන සඳහා භාවිතා කිරීමට වර්තමානයේ ඉන්ධන කොපමණ තිබේද යන්න සහ එම ඉන්ධන දින කීයකට ප්‍රමාණවත් වන්නේද යන් පිළබඳව ජනතාව දැනුවත් කරන ලෙස විපක්ෂනායකවරයා ඉලා සිටි අතර ඊට පිළෛතුරු දෙමින් උදය ගම්මන්පිල පැවසුවේ වර්තමානයේ පෙට්‍රල් 92 දින 10කට, පෙට්‍රල් 95 දින 40කට, ලංකා ඔටෝ ඩීසල් දින 08කට සහ සුපර් ඩීසල් දින 08කට රජය සතුව තොග පවතින බවත්ය.

ඉදිරියේදී ඉන්ධන තොග ලැබීමට නියමිත බවත් විදුලිබල මණ්ඩලය සඳහා දින 06කට ප්‍රමාණවත් ඩීසල් ලබා දීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.