26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයේ ණය ගෙවන්න භාණ්ඩාගාරයෙන් බිලියන 80ක්

විදුලිබල මණ්ඩලයේ ණය ගෙවන්න භාණ්ඩාගාරයෙන් බිලියන 80ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් බිලියන 80ක මුදලක් ලබන සඳුදා වනවිට මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කිරීමට රජය තීරණය කරන ලද බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. 

ඊයේ (23) මාධ්‍යවේදීන් පිරිසක් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් රජය ගත් තීරණ පිළිබඳව අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය. එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

“මේ අවස්ථාවේදී ඉන්ධන මිල සම්බන්ධව ගැටළුවක් තිබුනත් මහජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධව සළකා බලා ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට තීරණය කළා. ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල උපරිම ඉහළයාමක් තිබෙනවා. නමුත් අපි වැඩිදුරටත් සාකච්ඡා කළේ රජය වශයෙන් ඉන්ධන මිල තවදුරටත් පවතින තත්ත්වය යටතේම පවත්වා ගත යුතු බවයි.   ඒ වගේම විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් බිලියන 80ක් රජය විසින් ගෙවා දැමීමට තීරණය කළා. ඒ මුදල ලබන සඳුදා වන විට මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කිරීමට නියමිතයි.”